පළමු පරම්පරාව (රික්තක නල (Vacuum Tubes) යුගය)


ඉන්පසු 1957 දී IBM ආයතනය විසින් ‘IBM
704’ නම් පරිගණකය නිර්මාණය කර ඇත. එයට තත්පරයක් තුළදී ගණනය
කිරීම් 100,000ක් කිරීමට හැකියාව තිබුණි.
දෙවන පරම්පරාව (ට්‍රාන්සිස්ටර් යුගය)


මෙම
ට්‍රාන්සිස්ටර පදනම් වූ පරිගණක මගින් තත්පරයක් තුළ ගණිත කර්ම 200,000 – 250,000ත්
අතර ප්‍රමාණයක් සිදු කිරීමට හැකියාව ලැබී ඇත. එසේම අඩු විදුලි බලයක් භාවිත වීමත්,
ප්‍රමාණයෙන් කුඩා වීමත් මෙම පරම්පරාවේ පරිගණක වල දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයන්ය.
තෙවන පරම්පරාව (IC – Integerated Circuits යුගය)
1970
දශකයේ පැමිණි තෙවන පරම්පරාවේ පරිගණක නිර්මාණය කිරීම සඳහා භාවිතා කර ඇත්තේ සමෝධානිත
/ අනුකලිත පරිපථ හෙවත් IC ය. මේවා භාවිතය හේතු කොටගෙන
පරිගණක ප්‍රමාණයෙන් තවත් කුඩා වූ අතර වැඩි කාර්යක්ෂමතාවක් ද අත්පත් කරගැනීමට සමත්
විය. මුල් කාලයේදී භාවිතයට ගනු ලැබූ IC තුළ අඩු ට්‍රාන්සිස්ටර
ප්‍රමාණයක් ඇතුළත් විය. ඒවා SSI (Small Scale Integration) ලෙස හැඳින්විය. මේවා තවත් දියුණු වෙමින් එනම් එක් IC 1ක් තුළ වැඩි ට්‍රාන්සිස්ටර ප්‍රමාණයක් ඇතුළත් කරමින් IC නිපදවිය. මේවා පිළිවෙලින්,
•
MSI (Medium Scale Integration)
•
LSI (Large Scale Integration)
•
VLSI (Very Large Scale Integration)
ULSI (Ultra Large Scale Integration) ලෙස හැඳින්වේ.
සිව්වන පරම්පරාව (ක්ෂුද්‍ර පරිපථ (Microprocessors) යුගය)
1970
න් පසුව පැමිණෙන Microprocessors සිව්වන යුගය නියෝජනය
කරයි. මේවා හේතුවෙන් පරිගණක තව තවත් කුඩා වූ අතර වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කළ
හැකි විය. එනම් බහුක්‍රමලේඛණ (Multiprogramming) ගුණය
සහිත විය. එසේම ප්‍රධාන මතකයෙන් පිටත මතකයක් හෙවත් අතත්‍ය ආචයන මතකය (Virtual
Memory) සහිත විය.
පස්වැනි පරම්පරාව
1980
දශකයෙන් පසුව පැමිණෙන මෙම පරිගණක අදද භාවිතා කරනු ලබයි. මේවා ඉතා වේගවත් වූ අතර
තත්පරයකට ගණිත කර්ම මිලියන 3 – 15ත් අතර සිදු කළ හැකිය. එසේම මේ වන විට කෘතිම
බුද්ධිය (Artificial Intelligence) භාවිත කරමින් පරිගණක නිර්මාණය කිරීම සඳහා ද විද්‍යාඥයින් උත්සාහ දරමින්
සිටී.
පරිගණක පරිනාමය පිළිබඳ තොරතුරු ලඝුකළ වගුවක් පහතින්
දැක්වේ.
පරම්පරා අනුව ඉහත ලිපියකදී පරිගණක වර්ග කළා ඔබට මතක ඇති.
ඊට අමතරව තවත් ආකාර 3ක් යටතේ පරිගණක වර්ග කළ හැකිය.
1.
ප්‍රමාණය අනුව පරිගණක වර්ග කිරීම.
2.
කාර්යය අනුව පරිගණක වර්ග කිරීම.
3. තාක්ෂණය අනුව පරිගණක
වර්ග කිරීම.
ප්‍රමාණය අනුව
පරිගණක වර්ග කිරීම.
1.
සුපිරි පරිගණක (Super
Computers)
ප්‍රබල කාර්යක්ෂමතාවයකින් හා හැකියාවන්ගෙන් යුත් යම් විශේෂිත කාර්යයක් සඳහා නිමවන ලද පරිගණක.
ප්‍රබල කාර්යක්ෂමතාවයකින් හා හැකියාවන්ගෙන් යුත් යම් විශේෂිත කාර්යයක් සඳහා නිමවන ලද පරිගණක.
2. මහා පරිගණක (Mainframe Computers) - ප්‍රමාණයෙන්
ඉතා විශාල පරිගණක.
3. මධ්‍ය පරිගණක (Mini Computers) - මධ්‍යම ප්‍රමාණයේ පරිගණක
4. ක්ෂුද්‍ර පරිගණක (Micro Computers) - ප්‍රමාණයෙන් ඉතා කුඩා පරිගණක.
මේ පරිගණක යටතට,
1.
පුද්ගල පරිගණක (Personal
Computers)
පුද්ගලික කටයුතු සදහා තනි තනි වශයෙන් භාවිතා කළ හැකි පරිගණක
2.
උකුළු පරිගණක (Laptop
Computers)
එහා මෙහා ගෙන යා හැකි පරිගණක
3.
අත්ල පරිගණක (Palm
Computers)
අත්ල මත
තබාගෙන වැඩ කළ හැකි පරිගණක
උදා :- Tablet Computers
4.
වැඩ නිකේතන පරිගණක (Workstation Computers)
වඩා වැඩි
හැකියාවෙන් යුතුව නිර්මාණය කරන ලද පරිගණක
කාර්යය අනුව පරිගණක වර්ග කිරීම.
1.
සාමාන්‍ය කටයුතු සඳහා භාවිතා කරන පරිගණක (General Purpose Computers)
එදිනෙදා කටයුතු සඳහා භාවිතා කරන පරිගණක
2.
විශේෂ කාර්ය සඳහා භාවිතා කරන පරිගණක (Special purpose computers)
විද්‍යාත්මක පර්යේෂණ, යුද මෙහෙයුම්, තෙල් නිධි ගවේෂණය වැනි සුවිශේෂී
කාර්යයන් සඳහා නිර්මාණය කරන ලද පරිගණක
තාක්ෂණය අනුව පරිගණක වර්ග කිරීම.
1.
සංඛ්‍යාංක / අංකිත පරිගණක (Digital Computers)
0 හා 1 යන ද්විමය සංඛ්‍යා සංකල්පය භාවිත කරමින් නිර්මාණය කරනු ලැබූ පරිගණක
2.
ප්‍රතිසම පරිගණක (Analog Computers)
උෂ්ණත්වය, තෙරපුම, පීඩනය වැනි භෞතික දත්ත උපයෝගී කරගනිමින් ක්‍රියාත්මක වන
පරිගණක
3.
මිශ්‍ර / දෙමුහුම් පරිගණක (Hybrid Comuters)
Digital සහ Analog යන පරිගණක වර්ග දෙකෙහිම සම්මිශ්‍රණයක්
ලෙස නිර්මාණය වූ පරිගණක
අභ්‍යාස
1.
ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය කුමක්ද?
2.
වත්මන් පරිගණක තුළ භාවිතා වන සංකල්පය ලොවට හඳුන්වා දුන්නේ කවුද?
3.
UNIVAC – 1 පරිගණකය නිමවූයේ කවුරුන්ද?
4.
i. පරිගණක පරම්පරා කීයද?
ii. ඒවා නම් කරන්න.
ii. ඒවා නම් කරන්න.
5.
i. ට්‍රාන්සිස්ටරය සොයා
ගත්තේ කවුරුන් විසින්ද?
ii. එහි දළ රූප සටහනක් ඇඳ කොටස් නම් කරන්න.
ii. එහි දළ රූප සටහනක් ඇඳ කොටස් නම් කරන්න.
6.
i. පරිගණක වර්ගීකරණය
කොටස් කීයද?
ii. ඒවා මොනවාද?
ii. ඒවා මොනවාද?
7.
Laptop
Computers අයත් වන්නේ කුමන පරිගණක ගණයටද?
8.
Palmtop ගණයට අයත් වන පරිගණකයක් නම් කරන්න.
9. අංකිත පරිගණක යනු කවරේද?
10. අංකිත හා ප්‍රතිසම පරිගණක දෙවර්ගයෙහිම මිශ්‍රණයෙන් සැදුම්ලත් පරිගණකයන්ට
කුමන නමක් දෙනු ලබයිද?
3 comments:
පරිගණක ඉතිහාසය ගැන හොදට විස්තර කරල මේක කියවනකම් මෙච්චර ඉතිහාසයක් තියෙනව කියල මන් දැනගෙන හිටියේ නැ ....නියම වටිනා වැඩක් කවුෂි
අපි නොදන්න කොයිතරම් නම් දේවල් තියෙනවද? මට ගොඩක් සතුටුයි...... බොහොම ස්තූතියි මගේ බ්ලොග් එක කියවනවට.......
පරිශීකයන්ට අනුව පරිගණක වර්ගීකරණයක් තියනවද?
Post a Comment