ඕනෑම දෙයකට ඉතිහාසයක් ඇත්තා සේම පරිගණකයටද ඉතිහාසයක් ඇත.
අද අපිට දක්නට ලැබෙන පරිගණකය බිහිවීමට බොහෝ කාලයක් ගතවිය. ඒ සඳහා පුරෝගාමී වූවන්ද
අති විශාලය. මේ ඒ පිළිබඳ හැඳින්වීමකි.....
1617 දී ස්කොට්ලන්ත ජාතික ජෝන් නේපියර් (John Napier) විසින් ලඝුගණක සිද්ධාන්ත ලොවට හෙළි කරන ලදී. සංඛ්‍යා ගුණ කිරීමේ ක්‍රියාවලිය
ලඝුගණක භාවිත කරමින් පහසු එකතු කිරීමකට පරිවර්තනය කළ හැකි විය. ලඝුගණක භාවිතයෙන්
ගැටළු විසඳීමේදී ලඝුගණක වගු භාවිතා කළ යුතුය. ජෝන් නේපියර් විසින් අවශ්‍ය කරන
අගයන් ඇත් දළ තීරු වල සටහන් කරමින් මේ සඳහා අනර්ඝ වූ විකල්ප ක්‍රමයක් භාවිතා කළේය.
මේ අයුරින් භාවිතා කළ ලඝුගණක අගයන් සටහන් වූ ඇත් දළ තීරු ‘Napier’s Bones’ ලෙසින් හැඳින්විණ.
වර්ෂ 1642 දී තවත් මෙවැනිම වූ යන්ත්‍රයක් නිර්මාණය විය.
එනම් ප්‍රංශ ජාතික ගණිතඥයෙකු වූ බ්ලේස් පැස්කල් (Blasé Pascal) විසින් නිර්මාණය කරනු ලැබූ ආකලන යන්ත්‍රය (Adding
Machine) හෙවත් ‘Pascaline’ නම්
උපකරණයයි.මේ මගින් එකතු කිරීම සහ අඩු කිරීම පහසුවෙන් සිදුකළ හැකි විය.
මෙකී යන්ත්‍රයම තවදුරටත් වැඩිදියුණු කරමින්
ජර්මානු ජාතික ගණිතඥයෙකු වූ ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් (Gottfried Wilhelm) විසින් වර්ෂ 1674 දී ‘Step Reckoner’ නම්
යන්ත්‍රය නිපදවීය. මේ මගින් එකතු කිරීම, අඩු කිරීම පමණක් නොව ගුණ කිරීම සහ බෙදීම ද
සිදුකළ හැකිවිය.

වර්ෂ 1822 දී ඉංග්‍රීසි ජාතිකයෙකු වූ චාල්ස් බැබේජ් (Charles Babbage) විසින් පළමු යාන්ත්‍රික
පරිගණකය සඳහා අවශ්‍ය කරන ආකෘතියක් නිර්මාණය කළේය. එය ‘Difference Engine’ ලෙස හැදින්වේ.
ජෝසප් ජැකාඩ් ගේ සිදුරුපත් තාක්ෂණය අඩිතාලම කොටගෙන
1833 දී චාල්ස් බැබේජ් විසින්ම ‘Analytical Engine’ නිපදවූවත්,
එම අවධියේ තාක්ෂණික දැනුම මඳ වූ හෙයින් ඔහුට තමන් සිතාගෙන සිටි අයුරින්ම එය
නිපදවිය නොහැකි විය. නමුත් මෙම යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සලකා බැලීමේදී
ආදානය (Input), තැන්පත් කිරීම (Storing), සකස් කිරීම (Processing) සහ ප්‍රතිදානය (Output)
යන ක්‍රියාවලිය දක්නට ලැබේ. අද අපට දක්නට ලැබෙන පරිගණකයේ ක්‍රියාවලිය
ද මෙයමය. එබැවින් ඔහුගේ මෙම සංකල්පය හේතු කොටගෙන පරිගණකයේ පියා ලෙසින් ඔහුට සලකනු
ලබයි.

ජෝසප් ජැකාඩ් ගේ සිදුරුපත් සංකල්පයම භාවිතා කරමින් 1890
දී ඉතාමත් සාර්ථක අයුරින් ඇමරිකානු ජන සංගණනයක් සිදු කිරීමට හර්මන් හොලරිත් (Herman Hollerith) නම් තැනැත්තා සමත්
වී ඇත.
· අද වන විට ඉතාමත් ජනප්‍රිය පරිගණක නිෂ්පාදන ආයතනයක් වන IBM (International Business Machines) ආයතනය බිහිවී ඇත්තේ ද ඔහුගේ මූලිකත්වයෙනි.

1937 – 1942 අතර කාලයේදී බල්ගේරියානු ජාතික
මහාචාර්යවරයෙකු වූ ජෝන් වින්සන්ට් අටානාසොෆ් (John Vincent Atanasoff) සහ ක්ලිෆර්ඩ් බෙරී (Clifford Berry) පරිගනකයක්
අර්ධ වශයෙන් නිම කළහ. මෙයට ‘Atanasoff Berry Computer’ හෙවත්
ABC පරිගණකය යනුවෙන් නම් තැබීය. මෙය අර්ධ ලෙසින් නිමකර
තිබූ හෙයින් ද, මෙයට පේටන්ට් බලපත්‍රයක් නොගැනීම හේතුවෙන් ද මෙයට ලොව පළමු ඩිජිටල්
පරිගණකය විය නොහැකි විය.
1945 දී ගණිතඥයෙකු වූ ජෝන් වොන් නියුමාන් පරිගණක සඳහා
භාවිතා කළ හැකි වූ නව සංකල්පයක් හඳුන්වා දෙනු ලැබුවේය. එහි මූලික අදහස වූයේ “පරිගණක යන්ත්‍රයක භෞතික වශයෙන්
වෙනස්කම් නොකරමින් එහි තැන්පත් කරන ලද වැඩසටහන් ආශ්‍රයෙන් එක් පරිගණකයක් මගින්
විවිධාකාර වැඩ කටයුතු කළ යුතුය” යන්නයි. අද අපි භාවිතා
කරන පරිගණක වල දක්නට ලැබෙන්නේ මෙන්න මේ කියන සංකල්පයයි.
අභ්‍යාස
1. මිනිසා ගණිත කර්ම සඳහා මුලින්ම භාවිතා කරනු ලැබූ උපකරණය
කුමක්ද?
2.
i. ලඝුගණක සිද්ධාන්ත ලොවට
හෙළි කරනු ලැබුවේ කවුරුන්ද?
ii. ඔහු කිනම් ජාතිකයෙක් ද?
iii. ඒ කිනම් වර්ෂයකදීද?
ii. ඔහු කිනම් ජාතිකයෙක් ද?
iii. ඒ කිනම් වර්ෂයකදීද?
3.
i. බ්ලේස් පැස්කල් විසින්
නිර්මාණය කරනු ලැබූ උපකරණය කුමක්ද?
ii. එය තවත් නමකින් හඳුන්වයි.
ඒ කුමක්ද?
4.
‘Step
Reckoner’ නිපදවූයේ කවුද?
5.
ජෝසප් ජැකාඩ් විසින් 1801 දී රෙදි වියන යන්ත්‍රයක් නිපදවීය. එහිදී රෙදි
විවිධාකාරයෙන් නිර්මාණය කිරීම සඳහා ඔහු භාවිතා කළේ මොනවාද?
6.
i. චාල්ස් බැබේජ් විසින්
යන්ත්‍ර 2ක් නිපදවිය. ඒවා පිළිවෙලින් නම් කරන්න.
ii. ඔහුට පරිගණකයේ පියා යන විරුදාවලිය ලැබුණේ කුමක් හේතු කොටගෙනද?
ii. ඔහුට පරිගණකයේ පියා යන විරුදාවලිය ලැබුණේ කුමක් හේතු කොටගෙනද?
7.
ලොව ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය කවුරුන්ද?
8.
i. හර්මන් හොලරිත් භාවිතා
කළේ කාගේ සංකල්පයක්ද?
ii. ඔහු එමගින් සිදුකළ කර්තව්‍යය කුමක්ද?
iii. ඔහුගේ මූලිකත්වයෙන් බිහි වූ ආයතනය කුමක්ද?
ii. ඔහු එමගින් සිදුකළ කර්තව්‍යය කුමක්ද?
iii. ඔහුගේ මූලිකත්වයෙන් බිහි වූ ආයතනය කුමක්ද?
9.
i. චාල්ස් බැබේජ් ගේ
සංකල්පය වැඩිදියුණු කිරීමට උත්සාහ ගත් තැනැත්තා නම් කරන්න.
ii. එමගින් ඔහුට නිර්මාණය කිරීමට හැකි වූ උපකරණය කුමක්ද?
ii. එමගින් ඔහුට නිර්මාණය කිරීමට හැකි වූ උපකරණය කුමක්ද?
10. ABC පරිගණකයේ නිර්මාතෘවරුන් කවරේද?
0 comments:
Post a Comment