දත්ත (Data)
දත්ත යනු අවිධිමත්, අර්ථ රහිත හා අසංවිධිත අංග
සමූහයකි. එනම් කිසිදු අයුරකින් සකස් කිරීමකට භාජනය නොකළ කරුණු ය.
දත්ත පිහිටන ආකාර
1.
ලිඛිත සටහන්
උදා :- සංඛ්‍යාවන් ලෙස (0........9)
අක්ෂර ලෙස (A, අ, Z, z, b, ප, ම, ර......)
විරාම ලක්ෂණ ලෙස (./,/‘/“/!.....)
විශේෂ සංකේත ලෙස (#, $, @, &…..)
2. දෘෂ්‍ය (පෙනෙන දේ)
3.
ශ්‍රව්‍ය (ඇසෙන දේ)
දත්ත වර්ගීකරණය
1.
ප්‍රමාණාත්මක දත්ත (Quantative Data)
ලක්ෂණ :- දත්ත
සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ හැක.
අංක
ගණිතමය ක්‍රියාවලියකට භාජනය කළ හැක.
සංඛ්‍යාත්මකව
අනුපිළිවෙලකට සැකසිය හැක.
සංඛ්‍යා
විද්‍යාත්මකව සැකසිය හැක.
2.
ගුණාත්මක දත්ත (Qualitative Data)
සංඛ්‍යාත්මක ලෙස ඉදිරිපත්
කළ නොහැකි දත්ත
උදා :- හැඩය, වර්ණය, ශබ්දය..... ආදිය
තොරතුරු
අදාළ පුද්ගලයාට අර්ථවත් වන සේ සකස් කරනු ලබන දත්ත
තොරතුරු නම් වේ.
තොරතුරු වල ගති ලක්ෂණ
·
අර්ථවත්ය.
·
විශ්මය දනවන සුළුය.
·
පෙර දැනුම නවීකරණය කරයි.
·
අන්තර් සන්නිවේදන මාධ්‍යයකි.
·
කාලීන වන අතර තීරණ ගැනීමට උපකාරී වේ.
·
නිශ්චිත වටිනාකමක් ඇත.
තොරතුරු වල අදාළත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
එසේම තොරතුරක් සෑමවිටම, අදාළ කාර්යය සඳහා ගැලපිය යුතුය; ප්‍රමාණවත් විය යුතුය;
නිවැරදි විය යුතුය. භාවිත කරන තැනැත්තාට පැහැදිළිව තේරුම්ගත හැකි විය යුතු අතර
විශ්වාස කළ හැකි විය යුතුය.
දත්ත සැකසීම

මෙය තොරතුරු නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා ක්‍රියාවලියේ
වියුක්ත ආකෘතියයි.
තොරතුරු වල වටිනාකම
තොරතුරක වටිනාකම රදා පවතිනුයේ එහි අදාලත්වය මතයි.
තොරතුරු වල ස්වර්ණමය න්‍යාය

අභ්‍යාස
1. දත්ත යනු මොනවාද?
2.
දත්ත පිහිටන ආකාර කවරේද?
3. i. දත්ත වර්ගීකරණය ප්‍රධාන කොටස් කීයද?
ii. ඒ මොනවාද?
4. තොරතුරු යනු මොනවාද?
5.
තොරතුරු වල ගති ලක්ෂණ මොනවාද?
6. දත්ත සැකසීම යනු කුමක්ද?
7.
‘Abstract
Model’ ඇඳ පෙන්වන්න.
8. තොරතුරු වල ස්වර්ණමය
න්‍යාය ලෙස හැඳින්වෙන්නේ කුමක්ද?